මැණික් මුදලාලිලා තාමත් වෙවුලන සුමිත් ඝාතනයේ අබිරහස මොකක්ද?
මැණික් මුදලාලිලා තාමත් වෙවුලන සුමිත් ඝාතනයේ අබිරහස මොකක්ද? 0 February 23, 2014 2:00 am Hits(74)
ආරක්ෂිත ක්‍රමවේදයකින් තොරව මහ මඟ විවෘතව සිදු කෙරෙන මුදල් ගනුදෙනුවක් ඇත්නම් එය රත්නපුරය කේන්ද්‍ර කොටගෙන සිදු කෙරෙන මැණික් වෙළෙ¼දාම බවට විවාදයක් නැති තරම්ය. මිලියන, බිලියනවලටත් එහා තක්සේරු මිලකට ගනුදෙනු වන මෙම වෙළෙ¼දාම ර¼දා ඇත්තේ පරම විශ්වාසය මතය. එය විකුණුම්කරුවාත් ගැනුම්කරුවාත් අතර පවතින අවංකභාවය මතම රදා පවතින්නකි. එම විශ්වාසභාවය පරම්පරා ගණනක සිටම පැවත ආ රත්නපුර මැණික් සංස්කෘතිය සමඟ බැඳී පවතින්නකි.
කෙතරම් වටිනාකමක ගනුදෙනුවක් මහමාවත් තුළ සිදු වුවද මෙහි වෙළෙන්දන්ට අවිනිශ්චිතභාවයක් හෝ බියක් සිත් තුළට නොදැනුණේය. රත්නපුර ඔරලෝසු කණුව වට රවුමේද, අඹ ගහ යටද, දෙමුවාවත පටු වීදියේද මෙම "විශ්වාසයේ මුදල්" ගනුදෙනුව නිරතුරුවම සිදුවන්නකි.
එහෙත් මෙම ආවේණික මැණික් සංස්කෘතියේ දෛනික ක්‍රියාවලිය අද වන විට තිගැස්මකට ලක්ව තිබේ. රත්නපුර නගරයේ මධ්‍ය පරිමාණ වෙළෙන්දෝ රැසක්ම මෙම අර්බුදයට මුහුණ පා සිටිති. මෙයට ආසන්නතම සිදුවීම වූයේ පසුගිය දිනෙක සිදුවූ ව්‍යාපාරික සුමිත් ගුණසේකර මහතාගේ ඝාතනයයි. ඝාතනය සිදු කිරීමට පෙර සුමිත් ගුණසේකර සතු ලක්ෂ 80කට අධික වටිනාකමකින් යුත් මැණික් ගල් පාර්සලයක් කොල්ලකෑමට ඝාතකයෝ සමත් වූහ.
රත්නපුර මැණික් ව්‍යාපාරිකයන් රැසක්ම මෙම වෘත්තියට පිවිසෙන්නේ ස්වයං අධ්‍යයනයකිනි. නැතිනම් පරපුරෙන් පරපුරට හිමිවන පළපුරුද්ද මතිනි. රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධානම ආර්ථික ධාරාවකට ජීවය සපයන්නේ මෙම ක්‍රමවේදයන් තුළින් ව්‍යාපාරයට පිවිසෙන ව්‍යාපාරිකයන් තුළිනි.
ඝාතනයට ලක්වූ සුමිත් ගුණසේකර අයත් වන්නේද ස්වයං අධ්‍යයනය තුළින් මැණික් ව්‍යාපාරයට පිවිසි ව්‍යාපාරික සමාජයටය.
රත්නපුර ගොරක ඇළ පදිංචිව සිට පාසල් ආ ගිය කුඩා සුමිත් පැටිවියේ පටන්ම මැණික් ව්‍යාපාරයට ඉව ඇල්ලූවෙකි. පතල් කර්මාන්තයට සම්බන්ධව සිටි පවුලේ සොහොයුරන්ගෙන් ලැබුණු ආභාසය ඊට ඉවහල් විය. රත්නපුර සීවලි මැදි විදුහලේ අධ්‍යාපනය ලබන කාලයේදී පවා ඔහු කලිසම් සාක්කුවේ කුඩා මැණික් කීපයක් දමාගෙන සිටියේය. ඒවා ඔහු මිලට ගෙන තිබුණේ ගෙදරින් වියදමට ලැබුණු රුපියල් 5 එකතු කරගැනීමෙනි.
ඉතා පිරිමැසුම්දායක තරුණයකු වූ සුමිත් ගුණසේකර ගොරකාඇළ හන්දියෙන් සිය ව්‍යාපාරය අරඹන්නේ පාසල් ගමනද අතරමඟ අත්හිටුවමිනි.
රත්නපුර මැණික් ව්‍යාපාරික තරුණයන්ගේ පැතිකඩක් ලෙස ගෙනහැර දැක්විය හැකි මෙම සුළු මැණික් ව්‍යාපාරිකයා මධ්‍ය පරිමාණ වෙළෙන්දකු දක්වා පරිවර්තනය වූයේ අපරිමිත උත්සාහය නිසාවෙනි. රත්නපුර මැණික් සමාජය තුළ ප්‍රකට ව්‍යාපාරිකයන් ඇත්තේ අතළොස්සකි. එහෙත් ඔවුන්ගේ සමාජය තුළ ප්‍රකට බාහිර සමාජයට විවෘත නොවූ ව්‍යාපාරිකයන් රැසක්ම සිටිති. ඒ කිසිවකුට මොනයම් හෝ සොර සතුරු භීතියක් මැණික් ව්‍යාපාරය තුළදී මින් පෙර ඇති වී නොතිබිණි.
තිදරු පියකු වූ සුමිත්ගේ බිරිය නගරයේ පාසලක ගුරුවරියකි. දැඩි ලෙස පවුල් ජීවිතය පිළිබඳ කැප වී සිටි සුමිත් ගුණසේකර ඝාතනය වන්නේද පවුලේ සාමාජිකයන් ඉදිරිපිටදීමය. අභාග්‍යය වන්නේ තමන්ගේ නිවෙස ඉදිරිපිටදීම එම ම්ලේච්ඡ ඝාතනය සිදුවීමයි.
කිසිවකුටත් කිසිවක් සිතා ගැනීමටත් නොහැකි විය. ඝාතකයෝ පලා ගියහ. වික්ෂිප්තභාවයට පත්වූයේ සුමිත්ගේ බිරිය හා දරු තිදෙනා පමණක් නොවේ. මැණික් ප්‍රජාවම තිගැස්මටත් වික්ෂිප්ත භාවයටත් පත් විය. සතියක් ඉක්ම ගියද එම තිගැස්ම එසේමය.
අපරාධ විද්‍යාවේ මූලධර්මයන්ට අනුව ඕනෑම අපරාධයක් සිදුකරන අපරාධකරුවකු එක් නිහඬ සාක්ෂියක් තබා යයි. විමර්ශන කණ්ඩායම ලුහු බඳින්නේ එම නිහඬ සාක්ෂිය ඔස්සේය. රත්නපුර මූලස්ථාන පොලිසිය තුළ දක්ෂ විමර්ශන නිලධාරීන් රැසක්ම සිටිති. අබලන් ජීප් රථ තුළ නැඟ ඔවුන්ට අපරාධකරුවන් ලුහුබැඳ යා නොහැකිය. අපරාධකරුවන් තබා යන නිහඬ සාක්ෂි ඔස්සේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් නොමැති වීම පිළිබඳවද මැණික් වෙළෙඳ ප්‍රජාව තුළ ඇත්තේ මැසිවිල්ලකි.
කිසියම් සිද්ධියක් වූ විට සත්‍ය නොදන්නා මිනිසුන් විවිධ කටකතා පතුරුවති. සුමිත්ගේ මරණයටද විවිධ නිර්වචන එල්ල වී ඇත. වරෙක යම් පිරිසක් ඔහු මුදල් පොලියට දෙන්නකු ලෙස හඟවන්නට උත්සාහ කළේය. එහෙත් ඔහු කිසිදු විටෙක අයථා මුදල් ගනුදෙනුවලට සම්බන්ධ වී නැති බව පැහැදිලිය. රුපියල් 05කින් මැණික් වෙළෙ¼දාම ආරම්භ කර දියුණුවේ හිණිපෙත්ත දක්වාම ගමන් අරඹා තිබූ සුමිත් වැන්නකුට එසේ චෝදනා කිරීම ඔහුගේ චරිතයද ඝාතනය කිරීමකි.
සුමිත් ගුණසේකරගේ ඝාතනය සමඟ රත්නපුර මැණික් වෙළෙඳ ප්‍රජාව එහි අරමුණ
පිළිබඳ විමසිල්ලෙන් සිටිති. මෙය මංකොල්ලකෑමේ අරමුණෙන් සිදු වූවක්ද පෞද්ගලික කොන්ත්‍රාත්තුවක් මත සිදු වූවක්ද යන්න විමර්ශන කණ්ඩායම්වලද අවධානය යොමු වී ඇත. ඉතා දුර්වල හා බියගුලු ලෙස සිදු කළ මෙම ඝාතනයේ සැබෑ තතු හෙළිවීමට වැඩිකලක් ගත නොවන බව පැහැදිලි සත්‍යයකි.
දෙවියන්ගේ අඩවියේ සිදුවූ සියලු ඝාතනයන් සියල්ල මේ වන විට අනාවරණය වූ පරිද්දෙන් මෙහි ඝාතකයෝද හෙළිවීම නොවැළැක්විය හැක්කකි. එවිට රත්නපුර මැණික් ප්‍රජාවට සැනසුම් සුසුම් හෙළිය හැකි වන්නේය. බලධාරීන්ගේ වගකීමද එයම වනු නිසැකය.
සටහන
රත්නපුර-රුචිර අබේමාන්න

Comments
Post a Comment